තාජුඩීන්ගේ රිය පසුපස ගිය අයෙක් ගැන තොරතුරු හෙළිවෙයි

තාජුඩීන්ගේ රිය පසුපස ගිය අයෙක් ගැන තොරතුරු හෙළිවෙයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගමන් ගත් මෝටර් රථයට පිටුපසින් පැමිණි වාහනයේ සිටි පුද්ගලයෙකු පිළිබදව තොරතුරු ලැබී ඇති බව රහස් පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

සිද්ධියට අදාළ නඩුව අද (06) දිනයේ කැදවූ අවස්ථාවේදී අදාළ CCTV දර්ශනයන් අධ්‍යයනය කර මෙම තොරතුරු ආනාවරණය කරගත් බව ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජේ. ට්‍රොස්කි මහතා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුජිත් චම්පික පෙරේරා ලබන 19 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment