ජනවාර් 8 ෆේස්බුක් ප්‍රොෆයිල් පික්චර් කළු කොඩි කරන්න - ගම්මංපිල ඉල්ලයි







ජනවාරි 08 වැනි දින තමන්ගේ මුහුණුපොතේ හැඳුනුම් ඡායාරූපය (profile picture) කළු කොඩියක් බවට පත්කර මේ ආණ්ඩුවේ ගමන් මඟට විරෝධය පළ කරන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා සමස්ත ජාතියෙන් ඉල්ලා සිටී.

ඊයේ (5දා) පිවිතුරු
හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට පක්ෂයේ සාමාජිකයන් සමඟ කළු ඇඳුමින් සැරැසී පැමිණි මන්ත්‍රිවරයා කියා සිටියේ
‘2015 ජනවාරියෙත් මං මේ විදිහට පාරේ සහ වාහනවල කළු කොඩි දාන්න ඉල්ලුවා එදා ආණ්ඩුව පොලිසිය යොදවලා කළු කොඩි කැපීමේ ක්‍රියාවලියක් 7 වැනිදා ඉඳන් පටන් ගත්තා. කළුකොඩි ඔසවනවද බලන්න පොලිස් නිලධාරීන් රඳවලා තිබුණා. මේ සියල්ල සිදුවුණේ නීතිය නමන වෑල්ඩින් බාස් පත්වෙන්න කලින්. මුහුණපොතේ කළු කොඩි ඔසවන එක නවත්තන්න කාටවත් බෑ. අපිත් සමඟ එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.‘

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment