ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන මතයන් දැරුව ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසූයේ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකදීය.
ඒ අනුව, 2020 දී ජනාධිපතිවරණයක් පිළිබඳ කතාකිරීම කල් නොමේරු තත්ත්වයක් ලෙස දැක්විය හැකි බවද ඒ මහතා කියා සිටියේය.
ජනාධිපතිවරණය නොව මහමැතිවරණයට තම පක්ෂය බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින්, පාර්ලිමේන්තුව වඩාත් ශක්තිමත් කර ජනතාවට සැබෑ ලෙස වගකියන පාර්ලිමේන්තුවක් පිළිබඳ වූ අරමුණ කෙරෙහි අග්‍රාමාත්‍යවරයා මෙන්ම ජනාධිපතිවරයාද කටයුතු කරමින් සිටින බවයි.
එසේම, GSP+ සහනය රටට හිමිවිම ඇතැම් දේශපාලන කුහකයින් විසින් එය අවතක්සේරු කිරීමක් සිදු කරන බවත් GSP+ සහනය ලබා ගැනීම යහපාලන ආණ්ඩුව බලයට පැමිණෙන විට පැවසු ප්රමුඛ කාර්යක් බවත් පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා එම කාර්යය වෙනුවෙන් ආණ්ඩුවේ විශාල කණ්ඩායමක් එකට එක්ව කටයුතු කළ බවත් කියා සිටියේය.
තව ද මෙම සහනය හිමිවීම පිළිබද හිටපු ජනාධිපතිවරයා ද දැක්වුයේ කුහක දේශපාලන මතයක් බවත් ඒ මහතා එවක මුදල් අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළ අයෙක් වශයෙන් GSP+ සහනය ලැබීම අවතක්සේරු කිරීම ගැටළුවක් බවත් ඔහු අවධාරණය කළේය.
සති අන්ත පුවත්පතක GSP+ සහනයට කොන්දේසි 58 ක් යටතේ අප ලබා ගත් බව සඳහන් කළ ද එය අසත්‍යයක් බව අමාත්‍යවරයා අනාවරණ කළේය.
සාධාරණ කරුණුවලට පමණක් එකඟව මෙම සහනය අප විසින් ලබා ගත් බව ඔහු කියා සිටියේය. එසේම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වුවද බ්‍රිතාන්‍ය සමඟ මෙරට සිදුකරන සම්බන්ධතා බිඳවැටීමක් සිදු නොවන බව අමාත්‍යවරයා පැවසිය.
0 comments :
Post a Comment