ගම්මන්පිල රතන හිමිගේ පැත්ත ගනී

ගම්මන්පිල රතන හිමිගේ පැත්ත ගනී

වැරදුණු බව දැන නිවැරදි මාවතකට එන්නට අතුරලියේ රතන හිමියන් ගත් තීරණය අගය කරන්නේ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද(17) පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.   

දුක්ඛ සත්‍යය දුටු උන් වහන්සේ ඒ බව එළියට පැමිණ කී බවත් එසේ කළ රතන හිමියන්ගේ අවංක බව හා නිහතමානිකම අගය කරන අතරම ඒ මඟ ගමන් කරන්නැයි අනෙක් අයගෙන් ද ඉල්ලා සිටින බවත් ගම්මන්පිල මහතා පැවසී ය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී  පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ජාතික ප්‍රශ්න හමුවේ බලපෑම් කළ හැකි පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟීමට තමන් දායකත්වය දක්වන බවයි.

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කළ බවත් විපක්ෂයට එක්වීමට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට එක්වීමට කැමැත්තක් නොදක්වන බව රතන හිමියෝ එහිදී ප්‍රකාශ කළහ.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment