රටපුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍ර සිඳීයැමේ තර්ජනයකට ලක්ව තිබෙන හෙයින් පානීය ජලය අඛණ්ඩව සැපයීමේ හැකියාව ඇත්තේ තවත් මාස දෙකක කාලයකට පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මෙම වියළි කාලගුණික තත්ත්වය දිගටම පැවැතියහොත් අවශ්‍යතාව පරිදි ජල සැපයුම පාලනය කෙරෙන බවත් එසේ කළ යුතු ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලවලින් දැනටමත් යෝජනා ඉල්ලා ඇති බවත් ජල මණ්ඩලය පෙන්වා දෙයි.
ඒ අනුව දැනටත් කුරුණෑගල ප්‍රදේශයට බෙදා හැරෙන ජලය පාලනය කර තිබේ.
ජල මූලාශ්‍ර සිඳී යාම හා ජල මූලාශ්රවල ජලය වාෂ්පවීම හේතුවෙන් ජල ගැටලුවලට මුහුණ පා ඇති ප්‍රදේශවලට බවුසර් මගින් ජලය සැපයීමට කටයුතු යොදා ඇති අතර පැරණි නළ ළිං දසදහසක් පමණ වහාම පිරිසිදු කිරීම ආරම්භ කර ඇතැයිද එම මණ්ඩලය සඳහන් කළේය.
මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට ලවන ජලය මිශ්‍ර වී ඇතැයි එම ජල පාරිභෝගිකයෝ පවසති.
වියළි කාලගුණයෙන් පවුල් 42010ට පීඩා
මේ අතර වියළි කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 09 ක පවුල් 42010 ක පුද්ගලයින් 149598 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම පිරිසෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 24324 කට අයත් පුද්ගලයින් 85461 ක් පීඩාවට පත්ව සිටියි.
මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1381 ක්, මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 2510 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 8647 ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ 14334 ක්, මොනරාගල දිස්ත්‍රික්කයේ 820 ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ 75, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 1505 ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ 34765 ක පීඩාවට පත්ව සිටිති.
වැසි රහිත කාලගුණය තවදුරටත්
කෙසේවෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (16) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ දිවයිනේ බොහෝ පළාත්වල වැසි රහිත, වියළිකාලගුණ තත්ත්වයක් සහශීත උදෑසන සහ රාත්‍රී කාලයන් තවදුරටත් පවතින බවයි.
නමුත් උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් දිවයිනේ සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් (විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල) අපේක්ෂා කළ හැකි බවත් එම අනාවැකියේ සඳහන් වේ.
දිවයිනේ දකුණු අර්ධයේ විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.
0 comments :
Post a Comment