'හොරණ ටයර් කම්හලේ හිමිකරු ගැන අගමැති දැන සිටියේ නෑ'

'හොරණ ටයර් කම්හලේ හිමිකරු ගැන අගමැති දැන සිටියේ නෑ'

හොරණ ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එම ව්‍යාපෘතියට ආයෝජනය කළේ කවුරුන් දැයි යන්න අගමැතිවරයා විසින් දැන ගනු ලැබුවේ කර්මාන්ත ශාලාවට මුල් ගල් තැබූ දින උදෑසන බවත් කර්මාන්ත ශාලාව ඉදි කිරීමට සැලසුම් කළ භූමිය අක්කරයක් රුපියල් සියයක් වැනි මුදලකට ලබාදීමට ගෙන තිබූ තීන්දුව දැඩි ලෙස විවේචනය කළ රාජිත සේනාරත්න ඇමතිවරයා එසේ ඉඩම් ලබාදීමට ඉඩ නොදෙන බවත් අවධාරණය කළේය.

අදාළ ඉඩම ලබා දීම සම්බන්ධයෙන් නැවත සාකච්ඡා සිදු කිරීමට නියමිත බවත් කිසිවිටකත් අක්කරයක් රුපියල් සියයකට ලබා නොදෙන බවත් හෙතෙම සදහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ඇමතිවරුන් වගකිවයුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න පැවැසූ නමුත් ඔහු එම ඇමතිවරුන්ගේ නම් සඳහන් නොකළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment