හිටපු ඇමැති සරත් කුමාරට ඇප

හිටපු ඇමැති සරත් කුමාරට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(20) නියෝග කළේය.

ඒ අනුව අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මීගමුව කළපු සංවර්ධන ව්‍යාපෘති මුදල් අවභාවිතය සම්බන්ධයෙන් සරත් කුමාර ගුණරත්න මහතා පසුගිය 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ නඩුව මීට පෙර අවස්ථා කිහිපයකදී විභාගයට ගැණුනු අතර එහිදී  සරත් කුමාර ගුණරත්න මහතා වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කෙරුණු අතර ඒවා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment