ආනන්ද, නාලන්දා, විශාඛා, අනුලා 1 ශ්‍රේණිය නැවත පරීක්ෂණ ඇරඹේ

කොළඹ ආනන්ද, නාලන්දා, විශාඛා, නුගේගොඩ අනුලා, මහනුවර ධර්මරාජ, උසස් බාලිකා, කුරුණෑගල
මලියදේව, මලියදේව බාලිකා, ගාල්ල මහින්ද, සංඝමිත්තා, මාතර රාහුල විදුහල්වල 2017 වසරේ පළමු
ශ්‍රේණියට ඇතුළත් කළ සිසුන්ගේ නාම‍ලේඛන සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බව අධ්‍යාපන
අමාත්‍යාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
පළමු ශ්‍රේණියට

ළමුන් ඇතුළත් කර ගැනීමේ 2016/17 චක්‍ර‍ලේඛයට අනුව දෙමාපිය භාරකාර අත්සනින්
යුතුව ඉදිරිපත් කර ඇති ‍ලේඛන සාවද්‍ය යැයි සාක්ෂි සහිතව ඔප්පු වුවහොත් අදාළ පාසලට දරුවා
ඇතුළත් කර ගැනීම අත්හිටුවනු බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

අනතුරුව කලාප අධ්‍යක්ෂවරයා විසින් ලබාදෙන වෙනත් ඕනෑම පාසලකට දරුවාට ඇතුළත් වීමට සිදුවන
බවද චක්‍ර‍ලේඛයේ සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් කූට ‍ලේඛන සෑදීම සහ අනුබල දීමට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිය ක්‍රියාත්මක
කරන බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

මේ අතර ව්‍යාජ ලිපි ‍ලේඛන යොදමින් කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු වසරට ළමුන් ඇතුළත් කර
ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය විදුහල්පතිවරු තිදෙනකුට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන බව
අධ්‍යාපන ‍ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා රිවිරට පැවසීය.

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ අභියාචනා කමිටු සාමාජිකයන් ලෙස අදාළ නියෝජ්‍ය
විදුහල්පතිවරුන් කටයුතු කර ඇති බවද ‍ලේකම්වරයා පැවසීය.
මේ අතර සිසුන් ඇතුළත් කර ගැනීමේ ‍ලේඛනයේ සිටි ළමුන් 350ගෙන් නිරවද්‍ය තොරතුරු ලබා දී ඇති ළමුන්
180 දෙනකු අද (20) කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත්කර ගන්නා බවද
‍ලේකම්වරයා සඳහන් කළේය.

(සවන්ති රත්නායක)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment