ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් බ‍්‍රයිස් හච්චසන් මහතා (Bryce Hutchesson) හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතර පෙරේදා (16) විදේශ රැකියා අමාත්‍යංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී ඔස්ටේ‍්‍රලියානු රජයේ මැදිහත්වීම මත ශ‍්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට මූලික සාකච්ඡා පවත්වා තිබේ.
ඉදිරියේ දී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට සූදානම් බවත් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළ රැකියා සඳහා අවශ්‍ය ශ‍්‍රමිකයින් පුහුණු කිරීම හා සහතිකපත් නිකුත් කිරීම මෙම මධ්‍යස්ථානය හරහා සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.
මීට අමතරව ඔස්ටේ‍්‍රලියාවට නීති විරෝධී සංක‍්‍රමණිකයින් පැමිණිම වැළැක්වීමට ශ‍්‍රී ලංකාව ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සතුටු වන බවත්, දැනට ශ‍්‍රී ලාංකිකයන් ඔස්ටේ‍්‍රලියාවට නීති විරෝධී අයුරින් පැමිණිම අවම වී ඇති බවද ඔහු ප‍්‍රකාශ කළේය.
0 comments :
Post a Comment