රාජිතගෙන් සියලුම ඇමැතිවරුන්ට විශේෂ ලිපියක්

රාජ්‍ය ආයතන තුල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වර්ධනය වී ඇති බැවින් එම තත්ත්වය පාලනය කිරීම සදහා ලබන 24 වන දින සියළුම රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සියළුම කැබිනට් අමාත්‍යවරුන්ගෙන්, රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටි. 

ඔවුන් වෙත ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආයතන පරික්ෂා කිරීම එම ආයතන විසින්ම සිදු කළ යුතු අතර, ඉන් පසු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල නිලධාරින් විසින් ලබන 25, 26 සහ 27 යන තෙදින සියළුම රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමට නියමිතව ඇති බවයි. 

2016 වසරේ දී පමණක් ඩෙංගු රෝගීන් 54,727 ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 78 කි. පසුගිය වසරේ සිදු කළ සමීක්ෂණ දත්ත වලට අනුව දිවයින පුරා පිහිටි රාජ්‍ය ආයතනවලින් සියයට 65 ක ද, ආගමික ස්ථානවලින් සියයට 70 ක ද, පාසල් වලින් සියයට 60 ක ද, ඉදිකිරීම් පරිශ්‍ර වලින් සියයට 58 ක ද ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බහුලව සොයාගෙන ඇත. 

2017 වසරේ දී ගත වූ දින 17 තුළ හමු වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1311 කි. කිසිදු මරණයක් මෙතෙක් වාර්තා වී නොමැත. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment