සංවර්ධනය හේතුවෙන් මහා පරිමාණ වන විනාශයක්

සංවර්ධනය හේතුවෙන් මහා පරිමාණ වන විනාශයක්

ජනාවාස, අධිවේගී මාර්ග හා සංවර්ධන ව්‍යපෘති සඳහා මහා පරිමාණයෙන් කැලෑ එළිවෙමින් පවතින බව පරිසර සංරක්ෂණ භාරය පවසයි.

ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනාන්තර අක්කර 17,780 ක් එළිපෙහෙළි කරමින් අලුත් ජනාවාස පිහිටුවමින් සිටින බවත් උමා ඔය, මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘතිය වෙනුවෙන් අක්කර 10,000 කට ආසන්න කැලෑ එළිවෙමින් පවතින බවත් පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා පවසයි.

එමෙන්ම ඉදිරියේදී යාන් ඔය, වයඹ ඇල, කුඹුක්කන් ඔය, හැඩ ඔය සහ නිල්වලා ගඟ යන ව්‍යාපෘති සඳහා ද විශාල ප්‍රමාණයක් වනාන්තර ප්‍රදේශ හෙළි පෙහෙළි වන බවත් හෙතෙම සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment