චීන අයෝජකයින් විසින් හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත තෙල් පිරිපහදු සංකිර්ණයේ විශාල ප්‍රදේශයකට පරිසර හානියක් සිදුවන බවට ජනතාව නොමග යවමින් හිටපු ජනපති මහින්ද රාජපක‍්ෂ මහතා ප්‍රකාශකර ඇත්තේ ඔහුගෙන් ගිලිහි යන දේශපාලන බලය රැක ගැනිමේ අරමුණ ඇතිව බව ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ සභාපති ටී.ජී ජයසිංහ මහතා පවසයි.
හැටන් නගරයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන පිරවුම් හලක් විවෘත කිරිමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
මෙම නව තෙල් පිරිපහදු සංකිර්ණය ඉදිරිකිමෙන් පසු ඒ තුළින් රැකි රක‍්ෂා විශාල ප්‍රමාණයක් ඇතිවිම නිසා එයට බියවි හිටපු ජනපතිවරයා එම ප්‍රකාශය කර ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ඉදිකිරිමට යෝජිත තෙල් පිරිපහදු සංකිර්ණයේ නවින තාක්ෂණය අනුව මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියට යටත්ව ඉදිකරන බවත් මෙවැනි තෙල් පිරිපහදු සංකිර්ණ අටක් පමණ සිංගප්පුරුව වැනි කුඩා රටක තිබෙන බවත් ඉන් කිසිදු පරිසර හානියක් එම රටට සිදු නොවන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ලෝක වෙළඳපළ ඉන්ධන වැඩි වි ඇතත් මෙරට තුළ ඉන්ධන වැඩි කිරිම පිළිබදව අවධානයක් යොමු නොවි ඇති බවද සංස්ථා සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
- හැටන් රංජිත් -
0 comments :
Post a Comment