නල්ලතන්නියේ උද්ඝෝෂණයක් (PHOTOS)

නල්ලතන්නියේ උද්ඝෝෂණයක් (PHOTOS)

ශ්‍රීපාද හැටන් මාර්ගයේ මස්කෙළිය මාවුස්සාකැලේ මංසන්ධියේ සිට නල්ලතන්නිය නගරය ඇතුළු පාද මාර්ගයේ ගගුලතැන්න දක්වා රජය සතු වටිනා ඉඩම් ඇතැම් රාජ්‍ය නිළධාරින්ගේ සහයෝගය මත පෞද්ගලික ව්‍යපාරිකයන් හා රජයේ නිළධාරින් පිරිසක් අත්පත් කරගෙන ඇති බවට විරෝධය පාමින් නල්ලතන්නිය ප්‍රදේශවාසීහු පිරිසක් ඊයේ (22) උදෑසන නල්ලතන්නිය නගර මධ්‍යයේ උද්ඝෝෂණ ව්‍යපාරයක නිරත වූහ.

මෙම උද්ඝෝෂණයේ නියැළි සිටි අඹගමුව ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශිය සභා සභාපති එස්. නගුලේෂ්වරන් මහතා චෝදනා කරන්නේ නල්ලතන්නිය නගරයේ ව්‍යපාරිකයන් පිරිසක්, පිටතින් පැමිණී ව්‍යපාරිකයන් හා ඇතැම් රාජ්‍ය නිළධාරින් රැසක් නල්ලතන්නිය ප්‍රදේශයේ රජයේ සතු වටිනා ඉඩම් නීත්‍යනුකූල නොවන ආකාරයට මේ වන විට අත්පත් කරගෙන ඇති බවයි.

එමෙන්ම එම ඉඩම්වල ශ්‍රී පාදස්ථානයට නොගැලපෙන ආකාරයට අනවසර ඉදිකිරීම් ගණනාවක් මේ වන විට සිදුකර ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙහි නල්ලතන්නිය ප්‍රදේශයේ වතුකම්කරුවන් ඇතුලූ සාමාන්‍ය ජනතාවට කිසිදු ඉඩම් කැබැල්ලක් නොමැති බවත් එම ජනතාව ඉඩම් කැබැල්ලක් අත්පත් කර ගන්නා අවස්ථාවල එම ජනතාවට පමණක් නිතිය ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා කියා සිටියි.

නගුලේෂ්වරන් මහතා චෝදනා කරන්නේ පවත්නා තත්ත්වය හේතුවෙන් ශ්‍රී පාදස්ථානයට හැටන් මාර්ගයේ වන්දනා වාරයකදි පැමිණෙන ලක‍ෂ සංඛ්‍යාත වන්දනාකරුවන් වෙනුවෙන් විශ්‍රාම ශාලාවක් වු ආගමික සිද්ධස්ථානයක් ඉදිරිකිරිමට පවා ඉඩ නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු බළධාරින්ගෙන් විමසීමේදී එම නිළධාරින් මුනිවත රකින බවත් හෙතෙම අවධාරණය කරයි.

- හැටන් රංජිත් -

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment