SLT මෑන් පවර් සේවකයෝ අරලිය ගහ මැදුරට

SLT මෑන් පවර් සේවකයෝ අරලිය ගහ මැදුරට

ටෙලිකොම් ආයතනයේ මෑන්පවර් සේවකයන්  ස්ථිර කරන ලෙසට සිදුකරන සත්‍යග්‍රහයට නිසි ප්‍රතිචාර නොලැබෙන නිසා අද (24) අරලිය ගහ මන්දිරය ඉදිරිපට විරෝධතා රැලියක් පවත්වන බව ටෙලිකොම් මෑන්පවර් අරගල සහයෝගීතා ව්‍යාපාරය සඳහන් කරයි.

වසර 17 කට වැඩි කාලයක් තිස්සේ මෑන්පවර් සේවකයන් ලෙස කටයුතු කරන 2100 කට අධික ප්‍රමාණයක් ස්ථිර සේවයට ඇතුළත් කරන ලෙසට ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහ ක්‍රියාමාර්ගයට මාසයක් පමණ කාලයක් ගතවී තිබෙන බවද එම සංගමයේ සභාපති නිමන්ත විජේසූරිය මහතා සඳහන් කළේය.

මේ නිසා තමන් ස්ථිර සේවයට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලා හෙට දිනයේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සංදේශයක් භාර දෙන බවත් ඉන්පසුව මෙම රැළිය පවත්වන බවද ඔහු පවසා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment