බිරිඳගේ දරු ප්‍රසූති සූදානම නිසා මැතිව්ස් ගෙදර ඇවිත්


බිරිඳගේ දරු ප්‍රසූති සූදානම නිසා 
මැතිව්ස් ගෙදර ඇවිත්


ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි විස්‌සයි විස්‌ස තරගයේදී පාදයේ ආබාධයකට ලක්‌වීම සහ ළඟදීම පිය පදවිය ලැබීමට සූදානමක් ඇති නිසා සංචාරය අතර මැද ශ්‍රී ලංකාවට පැමිණීමට
තීරණය කර තිබේ.
 මැතිව්ස්‌ අද
(24 දා) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඒ වෙනුවට ශ්‍රී ලංකා කණ්‌ඩායමට උපුල් තරංග සහ කුසල් ජනිත් පෙරේරා එක්‌ කිරීමට යෝජිතය.
ඇන්ජලෝ මැතිව්ස්‌ගේ බිරිඳට පළමු දරුවා බිහිවීමට තවත් දින කිහිපයක්‌ තිබෙන බව පැවසේ.

දකුණු අප්‍රිකාව බලා පිටත්ව යැමට පෙරම අදාළ වකවානුවේදී කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණීමට ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයෙන් ඉල්ලීමක්‌ කර තිබුණි. කෙසේ වෙතත් පෙරේදා තරගයේදී පාදයේ ඇති වූ ආබාධ තත්ත්වය සුව වීමට සති දෙක තුනක කාලයක්‌ ගතවීම සහ පිය පදවිය ලැබීම හේතුකොට ගෙන මැතිව්ස්‌ කලින්ම ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇත.
මේ අතර ධනුෂ්ක ගුණතිලක සහ නුවන් ප්‍රදීප්ද ආබාධ හේතුවෙන් යළිත් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඒ වෙනුවට දැනටමත් ජෆේරි වැන්ඩ්‍රසි දකුණු අප්‍රිකාව බලා පිටත්කර යවා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment