විමල් යළි රිමාන්ඩ්

විමල් යළි රිමාන්ඩ්

රජයේ වාහන අවභාවිත කළැයි හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ලබන මාර්තු 6 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය.

අද ඔහු කොටුව මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ නියෝගය නිකුත් කර තිබේ.

පසුගිය රජය සමයේ වාහන අවභාවිතය තුළින් රජයට පාඩු සිදු කිරීමේ චෝදනා මත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මේ අතර එම චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරීවරයා ඇප මත මුදාහැර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment