මැයි මාසයේ මෝදි ලංකාවට එයි

මැයි මාසයේ මෝදි ලංකාවට එයි

මේ වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සහභාගිවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු කර ඇතැයි  විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වෙසක් දින උත්සවයට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා රජය කළ ආරාධනයක් පිළිගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව දන්වා ඇති බවද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ලබන මැයි 12 වැනිදා සිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල සහ ජාත්‍යන්තර බෞද්ධ සමුළුව සඳහා මේ වන විට රටවල් රැසක රාජ්‍ය නායකයින්ට ආරාධනා කර ඇති බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා රටවල් 100කට ආසන්න සංඛ්‍යාවකින් බෞද්ධ හා බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් මහනායක හිමිවරුන්, සංඝරාජ හිමිවරුන්, ජාත්‍යන්තර බෞද්ධ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු නියෝජිතයන් 1000 කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment