ජාතික රෝහලට දැමූ විමල්ගෙ වාර්තා ගන්න බෑ - සෞඛ්‍ය වර්ජනේ

රක්ෂිත බන්ධනාගාරයේ සිට අධිකරණ තීන්දුව අසාදාරණයි කිහමින් උපවාසයක් ඇරඹි විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මුලින්ම බන්ධනාගාර රෝහලටත් දෙවනුව ඊයේ (29 දා) දහවල් ජාතික රෝහලටත් ඇතුළත් කර තිබුණි. මේ අතර ඔහුගේ නිවැරදි සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව කීමට හැක්‌කේ ඔහුගේ රුධිර හා
මුත්‍රා සාම්පල් පරීක්‌ෂා
කිරීමෙන් පසුව බැවින් ඒවා ලබාගන්නට වෛද්‍යවරුන්ට උවමනා වුවත්ර පරිපූරක වෛද්‍ය වෘත්තික වර්ජනයක්‌ පැවතීම නිසා එම පරීක්‌ෂණ ජාතික රෝහලේදී කරගත නොහැකිවී ඇත.සෑම පරීක්‌ෂණයක්‌ම පිටතින් කර ගත යුතුව ඇත.

වාහන 90 ක් ඥඡාතීන්ට හිතවතුන්ට ලබාදී  අවභාවිත කිරීමේ චෝදනාවකට රක්‌ෂිත බන්ධනාගාර ගතකර සිටින විමල් වීරවංශ මහතා කියා සිටින්නේ එම අවභාවිතාව තමා පමණක් නොව නියෝජ්‍ය ඇමතිවරුන් සමග හවුලේ කළ බවත් තමාට පමණක් දඩුවම් ලබාදීම අසාධාරණ බවත්ය.
ඔහු කිසිවිටෙක තමා අවභාවිතා කරන ලද රජයේ මුදල් නාස්තිය ගැන ප්‍රකාශ නොකරන අතරම අධිකරණ තීන්දුව වෙනස් කරන්නැයි උසාවියට බලපෑම් කිරීමේ සටන වෙනුවෙන් පවුලේ අය සමග එක්වී කෑම නොගෙන සිටින බව කියයි.
බන්ධනාගාර රෝහලින් ඔහුව ජාතික රෝහලට ගෙන ගියේද හදිසි අසනීපයක් නිසා නොව පරීක්ෂණ වලට පහසු බව කියමින් කලින් සූදානම් කළ ආකාරයටය.
කෙසේ වෙතත් මේ වන විට දින 9 ක් දක්වා උපවාසය ක්‍රියාත්මක වුවත් වෛද්‍ය විද්‍යාත්මක හාස්කමක් ඉඟිකරමින් ඔහුගේ සිරුරේ කිසිදු දුර්වලතාවයක් දක්නට නැති බව රෝහල් ආරංචි හෙළි කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment