නව යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක


හිටපු යුද හමුදාපති ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට. උසස් කිරීමෙන්
පසුව නව යුද හමුදාපති වශයෙන් ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මේ වන විට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරයි.
1981 වසරේ දී යුද හමුදාවට සම්බන්ධ වූ සේනානායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි.
යාපනය ආරක්ෂක සේවා ආඥාපති ලෙස ද කටයුතු කර ඇති මහේෂ් සේනානායක මහතා ඔහු නීති ගරුක අයෙක් වන අතර යුද හමුදා සාමාජිකයන් අතර දැඩි ප්‍රසාදයක් දිනා ගත් නිලධාරියෙකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment