දේශපාලන උවමනාවන්ට මරණ වාර්තා කල්දැමූවැයි වෛද්‍ය ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගන්න වරෙන්තු

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානාගත හා  අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව
වසර හයක කාලයක්
අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීමේ සිද්ධියට අදාළව හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ වරෙන්තු නිකුත් කර ඇත.
කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී තුමන් වූ ඔහු මාස 06ක කාලයක් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය  සභාවේ ( SLMC)  ලියාපදිංචියෙන් ඉවත් කිරීමටද පසුගියදා තීරණය කර තිබුණි. ඔහුගේ වෛද්‍ය බලපත්‍රය ද ඒ අනුව මාස හයකට තහනම් කර ඇත.
දේශපාලන උවමනාවන් අනුව කටයුතු කරමින් මරණ පරීක්ෂණ කල්දැමීම හා සිරුරු කොටස් අස්ථානගත කිරීම සිදුව ඇති බව අධිකරණයට ඒත්තු ගොස් තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment