දක්ෂිණ අධිවේගයේ ‘අදී අදී‘ ගයමින් නට නටා ගිය මේනකා මධුවන්තිට අධිකරණයෙන් දඩ

දක්ෂිණ අධිවේගයේ ‘අදී අදී‘ ගයමින්
නට නටා ගිය මේනකා මධුවන්තිට
අධිකරණයෙන් දඩ


මින් දින කිහිපයකට පෙර උපන්දින සැමරුමක්ද සිදු කළ නිරූපිකාවක හා නවක ටෙලි නාට්‍ය නිළියක වන මේනකා මධුවන්ති දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස වාහනයක් ධාවනය කිරීමේ වරදකට ඊයේ අධිකරණයේදී වරදකාරිය වූ අතර රුපියල් 5000 ක දඩයකටද ලක්වුණා.
ඇගේ මෙම වරද හඳුනාගන්නට ලැබුනේ ඇය විසින් පවත්වා ගිය ෆේස් බුක් පිටුවේ
එයට අදාළ වීඩියේ ක්ලිප් එකක්
ප්‍රදර්ශනය කර තිබීම නිසාය.

එය දුටු පාඨකයෙකු එම වීඩියෝවද සමග පොලිස් පැමිණිල්ලක් සිදුකර දන්වා ඇත්තේ ඇය අපරීක්ෂාකාරී රිය පැදවීමක නිරත වූ බවයි.
එම  වීඩියෝවේදී ඇයට අයත් හොන්ඩා ෆිට් වර්ගයේ කහ පැහැති මෝටර් රථය පදවන අවස්ථාවේ සුක්කානම අතහැර නටමින් විනෝද වන ආකාරය දිස් විය.
ඉකුත් ජනවාරි මාසයේ දිනක  මේනකා මධුවන්ති දක්ෂිණ අධිවේගී මාර්ගයේ  කහතුඩුව සහ බණ්ඩාරගම අතර ප්‍රදේශයේදී ‘අදී අදී..‘ වේග රිද්ම ගීය පසුබිමෙන් වාදනය වන අවස්තාවක මෙම නැටුම ඉදිරිපත් කර තිබුණි.

මේ සම්බන්ධව පුද්ගලයකු කළ පැමිණිල්ලකට අනුව බණ්ඩාරගම, ගැලණිගම ‍පොලිස් මුර‍පොළේ නිලධාරීන් මේ
පිළිබඳව විමර්ශනයක් කර ඇයට නඩු පැවරීම සඳහා බණ්ඩාරගම ‍පොලිසියට භාර දුන් අතර ඒ අනුව බණ්ඩාරගම ‍පොලිසිය විසින් අදාළ සිද්ධිය පිළිබඳව රංගන ශිල්පිනී මේනකා මධුවන්තිට නඩු පැවරීමෙන් පසු ඊයේ බණ්ඩාරගම සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩුව විභාගයට ගැනුණි.
අදාළ රංගන ශිල්පිනිය අධිකරණයට පැමිණ නියම කළ දඩ මුදල ගෙවූ බවද ‍වාර්තා විය.

මේ වනවිට ඇගේ වීඩියෝව අඩංගු ෆේස් බුක් පිටුව ඇය විසින් අක්‍රීය කර ඇති නමුත් එම වීඩියෝව අන්තර්ජාලයේ ඊට පෙර පැතිරිණි.
එය පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment