අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ කලුතර බදුරලිය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීම සහ එයට සමගාමීව බදුරලිය මොරපිටිය වීදිය බණ්ඩාර මහ විද්‍යාලයේ දී පැවති “සුව උදාන” කඳවුර විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
මෙම උත්සවයේදී බදුරලිය ප්‍රාදේශීය රෝහලට උපකරණ පරිත්‍යාග කිරීමක් ද සිදු කරන ලදි.
ඉන් පසු රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතාගේ සහ ප්‍රදේශවාසීන්ගේ ආධාර මත මොරපිටිය අලුත් මාවතේ කුඩුමීරිය ජය ශ්‍රී සුභසාධක අවමංගල්‍යාධාර සමිතියේ පුජා ශාලාව විවෘත කිරිම ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදු විය. බදුරලිය හැඩිගල්ල සහෘද යාත්‍රා ක්‍රීඩාංගණයේ පළමු අදියරේ වැඩ ආරම්භ කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදුවිය.
0 comments :
Post a Comment