2018 ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සිව්වන සමුළුව ලංකාවේදී

2018 ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සිව්වන සමුළුව ලංකාවේදී

 

මෙම සමුළුව 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම හා ඒ සඳහා සමසත්කාරකත්වය දැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සහ නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය අතර අවබෝධතා ගිවිසුම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

'නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය' (Asian Network for Free Elections), ආසියානු කලාපයේ රටවල්වල මැතිවරණ සම්බන්ධයෙන් පොදුවේ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමට සහ එම රටවල්වල නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහ‍ා වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන රාජ්‍ය නොවන සංවිධානයකි.

මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම මඟින් මෙරට මැතිවරණ ක්‍රියාවලිය තුළ සෘජුව හා වක්‍රව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ගේ හා අනෙකුත් පාර්ශ්වයන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කරගැනීමටත්, කලාපයේ අනෙකුත් රටවල්වල අත්දැකීම් අනුසාරයෙන් ‍මෙරට ඡන්ද විමසීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම හා ඵලදායී ලෙස සිදු කිරීමට අවශ්‍ය ආයතනික ධාරිතා ප්‍රවර්ධනය ඇති කරගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත.

- http://ift.tt/2w5OPgs -

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment