ජනපතිතුමනි ඔබ අපට වූ පොරොන්දුව දැන්වත් ඉටුකරන්න ! (වීඩියෝ)

ජනපතිතුමනි ඔබ අපට වූ පොරොන්දුව දැන්වත් ඉටුකරන්න ! (වීඩියෝ)
අඩුම තරමේ තම දරුවන්ගේ වේදනාව හෝ ජනාධිපතිවරයාට නොවැටහෙන්නේදැයි ඔවුහු ප්‍රශ්න කළහ. අතුරුදහන්කරවුවන්  හා දේශපාලන සිරකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණ කරන ලෙස බලකරමින් උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි අඛණ්ඩව විරෝධතා පැවැත්වුවද ඒවාට සවන් නොදීම නිසා කොළඹට පැමිණ මාධ්‍ය දැනුවත් කිරීමට තීරණය කළ  බව ඔවුන් සඳහන් කළේය. පසුගිය ජුනි මස 12 වැනි දින ජනාධිපතිවරයාද හමුවී සිය ඉල්ලීම් රැගත් සන්දේශයක් ලබා දුන් නමුත් අද දවස වනතුරුත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි එම ජනතාව කියා සිටියේ.
 
බලහත්කාරී ලෙස අතුරුදහන්කරවුවන්ට  හා දේශපාලන සිරකරුවන්ට සාධාරණය ඉටුකරගැනීමට සහය වන ලෙස එම උතුරු නැගෙනහිර ජනතාව දකුණේ මාධ්‍යයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ. 
 
නිශාන්ත ප්‍රියදර්ශන 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment