හිටපු තායි අගමැතිනී-අල්ලනු බෑ රටෙන් පනී!

හිටපු තායි අගමැතිනී-අල්ලනු බෑ රටෙන් පනී!

යින් ලක් ට විරුද්ධව විභාග වෙමින් තිබුණේ සහල් සහනාධාරය අයුතු ලෙස බෙදාහැරීම පිළිබඳ ගැටලුවකි. මේ අනුව නඩු විභාගය ආර්මභයේදීම ඇයට බාත් මිලියන 30 ක් (ඇ.ඩො. ලක්ෂ 9 ක්) ඇප වශයෙන් නියම කර තිබූ අතර ඇපය රාජසන්තක කිරීම ද සිදුවිය. මීළඟ නඩු විභාගය දිනය ලෙස නියම කර තිබුණේ සැප්තැම්බර් 24 වැනිදා ය.  

2014 වසරේදී හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කෙරුණු යින්ලක් ෂිනවාත්‍රා, තායිලන්තයේ බිහි වූ ප්‍රබලම අගමැතිවරයෙකු වන තක්ෂින් ෂිනාවාත්‍රාගේ බාල සොහොයුරියයි. ඇයට විරු්දධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය2015 වසරේදී ආරම්භ වූ අතර ඒ අනුවඇයට අධිකරණයේ අවසරයෙන් තොරව රටෙන් පිටවීම තහනම් කෙරිණි. මෙයට දින කිහිපයකට පෙර යින් ලක් ෂිනාවාත්‍රා මාධ්‍ය හමුවේ පවසා තිබුණේ තමන්ට රටෙන් බැහැරව යාමට කිසිම අදහසක් නැති බවයි. 

2011 වසරේදී යින්ලක් ෂිනාවාත්‍රා ජාත්‍යන්තර ශිර්ෂපාඨ මැව්වේ ඇය තායිලන්තයේ අඩුම වයසකින් අගමැති ධුරයට පත් තැනැත්තා වූ නිසා ය. තවද රටේ පළමු අගමැතිනිය ද ඇයයි. 


-අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment