පසුගිය කාලයේ තම අමාත්‍යාංශය තුළ වුවත් කටයුතු කිරීමේදී අපහසුතා මතුකළ අතර ඇතැම් ප්‍රශ්න වලදී සහය නොදුන්නේ පෞද්ගලික ද්වේශයක් නිසාදැයි සිතෙන තත්ත්වයක් පැවති බව දිසානායක මහතා ප්‍රකාශ කළේය. මේ වන විට එම ප්‍රශ්න වේගයෙන් විසදෙමින් පවතින නමුත් පක්ෂ දෙකේ එකිනෙකා අතර පවත්නා නොගැළපීම් හා පරස්පරයන් බලාපොරොත්තු විය යුතු බවයි හෙතෙම පැවසුවේ.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ධූරයෙන් ඉවත් කිරීම ගැන අදහස් පළ කරමින් එස්.බී. දිසානායක මහතා සඳහන් කළේ සමතයකට පත් වීම සඳහා ජනාධිපතිවරයා පවා අවස්ථා ගණනාවකදී විජේදාස රාජපක්ෂ මහතා සමඟ සාකච්ජා කළද ඔහු ජනාධිපතිවරයාගේ ඉල්ලීමටද අවනත නොවූ බවයි.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment