O/L ෆේල් උනත් උසස් පෙළට වරම්.
නව අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණවලට අනුව පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වූ සිසුන් 4500 කට උසස් පෙළ පංතිවලට ඇතුළත් වීමට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව ලබන ඔක්‌තෝබර් මාසයේ සිට සිසුන්ට මෙම අවස්‌ථාව හිමිවෙයි.
වෘත්තීය තාක්‌ෂණ විෂයයන් 26 ක් ඔවුන් සඳහා හඳුන්වා දෙන අතර පාසල් 43 කට මෙම සිසුන් ඇතුළත් කිරීමට නියමිතය.
ඔවුන්ට මෙම වෘත්තීය තාක්‌ෂණ විෂයයන් ඉගැන්වෙන අතර එම විෂයයන් සඳහා උපාධි හෝ ඩිප්ලෝමා සුදුසුකම් සහිත ගුරුවරුන් රැසක් බඳවා ගැනීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
සියලුම දරුවන්ට වසර දහතුනක අනිවාර්ය අධ්‍යාපන වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි..
දෙවසරක කාලයක් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර ඉන් අනතුරුව සාමාන්‍ය පෙළ අසමත් වන සියලුම සිසුන්ට වෘත්තීය තාක්‌ෂණ විෂයයන් හැදැරීම සඳහා උසස් පෙළට ඇතුළත් වීමට අවස්‌ථාව සැලසෙයි.
0 comments :
Post a Comment