අපි දෙන්නාට පිටුපස සීට් එකේ අම්මෙක් එක්ක පැටව් දෙන්නෙක්..
ලොක්කාට අවුරුදු හතරක් පොඩ්ඩාට දෙකක් වගෙ ඇති...
තොර තෝංචියක් නැති කුරුලු හඬින් කොල්ලො දෙන්නා අම්මගෙන් එක එක ඒවා අහනවා....එක්කෙනෙක් ඉවර වෙනකොට අනික වෙනම ප්‍රශ්නයක්...අම්මා හෙම්බත් වෙලා වගේ...ටිකක් වෙලා යද්දි අම්මාගෙ නොරිස්සුම් උත්තර තමා ඇහෙන්න ගත්තෙ....
" මං දන්නෑ ලමයො"
" අනේ කට වහන් ඉන්නකො පුතේ"
" තව කියෙව්වොත් මේකෙන් බැහැල පයින් එක්ක යනවා"....
ඔන්න ඔහොම වචන...
අම්මලා දරුවන් එක්ක ගමන් යද්දි හෙම්බත් වෙනවා තමයි...මට මගෙ පොඩ්ඩො දෙන්නගෙ අතිතය මතක් උනා...
ළමා කාලය මහ විමසුම් ඇස් තියන හුඟාක් දේ වෙනස්ව හිතන කාලයක්..
දකින හැමදේකම ප්‍රශ්න කරන්න අලුත් සිතුවිලි දරුවන් ගාව තියෙනවා ..
මොන තරම් හෙම්බත් උනත්......ඔබෙන් කිසිවිටක අයහපත් නොරිස්සුම් සහගත ප්‍රතිචාර දරුවන්ට එන්න දෙන්න එපා....
එයින් ඔවුන් තමන් තුළට නැවෙන නිහඬ චරිත වෙනවා...
ඉඩ දෙන්න ලෝකය ගවේශනය කරන්න
ඉඩ දෙන්න ඒ ගැන විමසන්න
ඉඩ දෙන්න ...ඔබට යමක් උගන්වන්න...ඔව්..ඔවුන් පුංචි ගුරුවරු අපේ....
කතා පෙට්ටි වහන්න එපා......ඒ හැම කුරුලු හඬකම ලෝකයේ ලස්සනම දේ තියෙනවා....
~~~ විසිරි ~~~
0 comments :
Post a Comment