49 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික ලී ජේ-යොන්ග් පසුගිය පෙබරවාරි මාසයේ සිට පසුවූයේ අත්අඩංගුවේ ය. හිටපු අගමැතිනි පාක් යූ හයි හට සිරදඬුවම් නියම කළ නඩු විභාගයට අවශ්‍ය කරන පුද්ගලයෙක් ලෙස ලී ජේ ව අත්අඩංගුවට ගනු ලැබුවේ අගමැතිනියට එරෙහිව නැගුණු අපවාදය චෝදනා පිළිබඳ පරීක්ෂණවල කොටසක් වශයෙනි. මෙහිදී අගමැතිනියගේ මිතුරිය වන චොයි සූන්-සිල් විසින් ක්‍රියාත්මක කළ ලාභ නොලබන ආයතනයකට සැම්සුන් සමාගම විසින් වොන් බිලියන 41 ක් හෙවත් ඇමරිකන් ඩොලර් 36කට ආසන්න මුදලක් පරිත්‍යාග කර තිබෙන්නේ දේශපාලන වාසි ලබාගැනීම පිණිස බව නඩු විභාගයේදී හෙළි විය.
සැම්සුන් සමාගම දකුණු කොරියාවේ ජාතික ආර්ථිකයට 15% ක දායකත්වයක් ලබාදෙමින් සිටින සමාගමකි. නමුත් මෙම තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමගම කොටස් වෙළඳපොළේ සැම්සුන් කොටස් මිල 1%කින් පහත වැටී තිබේ.
දකුණු කොරියාවේ විශාලතම පවුල් ව්‍යාපාරය ලෙස ද සැලකෙන සැම්සුන් සමාගම, මේ අන්දමින් අපරාධ වරකට හසු වීම, එහි අනාගතය අඳුරු වීමට ප්‍රබල හේතුවක් විය හැකිය. ඇතැම් මාධ්‍ය විසින් මෙම නඩු විභාගය හඳුන්වා දී තිබුණේ ‘සියවසේ නඩුව’ යනුවෙනි.
-අමාලි ජයවීර
0 comments :
Post a Comment