භික්ෂූන් වහන්සේලාට අන්තගාමී වෙලා දේශපාලනඥයන් පසුපස යන්න බෑ - මල්වතු අනු නාහිමි

භික්ෂූන් වහන්සේලාට අන්තගාමී වෙලා දේශපාලනඥයන් පසුපස යන්න බෑ - මල්වතු අනු නාහිමි

අද වන විට ඇතැම් මහා සංඝරත්නය ආගම පිළිබඳව නොතකමින් දේශපාලඥයන් පසුපස යාම නිරන්තරයෙන් දැකිය හැකි යැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.

යහපත හා අයහපත නිවරැදිව හදුනා ගෙන එහි නිසි සාරය දැක මහජනයා නිසි මගට යොමු කිරීම භික්ෂූන් වහන්සේගේ කාර්යයක් වන නමුත් අද ඇතැම් භික්ෂුන් වහන්සේ යහපත හා අයහපත හදුනාගෙන ඇති බව දැකිය නොහැකි යැයි ද අනුනායක හිමියන් කීවේය.

ජනතා දුක අවබෝධ කොට ජනතාව ඉන් මුදා ගැනීම සදහා පක්ෂ භේදයෙන් යුතුව මහා සංඝරත්නය ක්‍රියා කළ යුතු බවත් අන්තගාමී නොවී සෑම විටම තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි මධ්‍යම ප්‍රතිපදාව සෑම විටම අනුගමනය කළ යුතු යැයි ද අනුනායක හිමියන් වැඩිදුරටත් සදහන් කළේය.

නුවර නදීක දයා බණ්ඩාර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment