පොලිස් නිලධාරීන්ගේ දැඩි කැපවීම මත අපරාධ අඩුවෙලා

පොලිස් නිලධාරීන්ගේ දැඩි කැපවීම මත අපරාධ අඩුවෙලා


හැටන් පොලිස් කොට්ඨාශය තුල හැටන්, වටවල, ගිනිගත්හේන, නොර්වුඩි, බගවන්තලාව, මස්කෙළිය, නෝටන්බ්‍රිජ් හා නල්ලතන්නිය යන පොලිස් ස්ථාන 8 ක් ක්‍රියාත්මක වේ. මෙම පොලිස් ස්ථාන සියල්ලගේම අපරාධ වාර්තාවීම සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබේ. 

ඒ ඒ අපරාධ වාර්තා වී ඇති ආකාරය මෙසේයි

ප්‍රජා පොලිස් ඒකකය සහ සිවිල් ආරක්‍ෂක කමිටු හරහා, පොලිස් ජංගම සේවය තුලින් අධ්‍යාපනික, ආගමික, සෞඛ්‍ය, සංස්කෘතික, ක්‍රිඩා, ශ්‍රමදාන ඇතුලත් වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් ජනතාව දැනුවත් කිරීම පසුගිය කාලය පුරාවට සිදුකර තිබේ. එසේම ගම්බද

ප්‍රදේශවල ප්‍රජාව තුල තුල සුහදතාවය වර්ධනය කර ගැනීමත් මේමගින් සිදුව ඇත. රජය විසින් මත්පැන් මිල ඉහළ දැමීමත් මෙම අපරාධ අඩුවීමට බලපෑ හේතු ලෙස බුද්ධි අඩුගමසූරිය මහතා පෙන්වා දෙයි. 

අපරාධ සඳහා ප්‍රධාන කොටම බල පා ඇත්තේ මත්පැන් පානය , නීතිය පිළිබඳව ප්‍රජාව තුළ නිසි අවබෝධයක් නොමැතිවීම, ජනතාව විදේශ රූපවාහිනි නාලිකා තුළ විකාශනය වන වැඩසටහන් අනුකරණය කිරීමට යෑම, ජංගම දුරකථන තුළින් අන්තර්ජාලය හරහා විවිධ අපරාධ සිදුකිරීමට නැඹුරු වීමයි. 

හැටන් ඉන්දික රොෂාන්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment