ඇතැම් රෝගීන් තම රෝග, කර්මයට බාර දී තිබූ යුගය නිමා කළා - රාජිත

ඇතැම් රෝගීන් තම රෝග, කර්මයට බාර දී තිබූ යුගය නිමා කළා - රාජිත

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන තීන්දු තීරණ සම්බන්ධයෙන් තොරතුරු ජනතාව අතරට ගෙනයාම ඉතා වැදගත් බවයි. මෙවැනි වැඩමුළු පැවැත්වීම හරහා ජනතාව සහ වෛද්‍යවරුන්, සෞඛ්‍ය නිළධාරීන් අතර සමීප බව වර්ධනය වන බවත් ජනතා ගැටලු හොඳින්ම හඳුනාගත හැකි බවත් ඇමතිවරයා පවසයි.

තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා,

'2015 වසරේ සිට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල පරිවර්තනයක් ආරම්භ වී තිබෙනවා. පසුගිය රජය සමයේ භෞතික දියුණුවක් පැවැතුන ද මානව දියුණුවක් තිබුනේ නැහැ. ඇතැම් රෝගීන් තම රෝගය කර්මයට ඉඩ දී බලාගෙන සිටිමින් අකාලයේ ජිවිතක්ෂයට පත් වුනා. එම වැටකඩුලු ඉවත් කරමින් නිර්ධන පන්තියේ ජනතාවට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලින් සහන සළසා තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් මානව සම්පත සංවර්ධනය කළ යුතුයි. රෝහල් විවෘත කළත් මානව සම්පතේ ගැටලු තිබෙනවා. වැරදි මතවාද සමාජය තුල පැතිර යන්නේ මන්ද බුද්ධිකභාවය හේතුවෙන්. කාර්යක්ෂමතාවය අඩු වී ඇත්තේ නිරෝගීකම නොමැතිවීම හේතුවෙන්. එම නිසා වත්මන් රජය බුද්ධිමත් නිරෝගීමත් පරපුරක් බිහි කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා. '

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම, එම සංගමයේ සභාපති වෛද්‍ය කපිල ජයරත්න, ලේකම් සුදන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment