දළදා වදින්න යන පාරවත් හදන්න ඉඩදෙන්නේ නැහැ - ලක්ෂ්මන් කිරිඇල්ල

දළදා වදින්න යන පාරවත් හදන්න ඉඩදෙන්නේ නැහැ - ලක්ෂ්මන් කිරිඇල්ල

පසුගිය ආණ්ඩුව පිටත වටරවුම් මාර්ගයේ කිලෝ මීටර 1ක් ඉදිකිරීමට රු.බිලියන 6.9ක් වියදම් කර ඇති නමුත් වත්මන් ආණ්ඩුව ඒ වෙනුවෙන් දරා ඇත්තේ රු.බිලියන 3.9ක් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

පසුගිය ආණ්ඩුව සමයේ ඉදිකළ කොට්ටාව - දොඩංගොඩ අධිවේගී මාර්ගයේ ආරම්භක ඇස්තමේන්තුවට රු.බිලියන 6.9 ක් වුවත් අවසානයේ වියදම රු.බිලියන 21.4ක් බවත් දොඩංගොඩ - කුරුදුගහ හැතැප්ම දක්වා කොටසේ ඇස්තමේන්තුව රු.බිලියන 8.3ක් වුවත් අවසන් වියදම රු.බිලියන 26.3ක් බවත් කිරිඇල්ල මහතා පෙන්වාදෙයි. කුරුදුගහ හැතැප්ම සිට පින්නදූව දක්වා වන කොටසට ආරම්භක ඇස්තමේන්තුව රු.බිලියන 8.7ක් වුවත් අවසානයේ ඒ සඳහා රු.බිලියන 35ක් වය වී ඇති බවයි හෙතෙම සඳහන් කරන්නේ.

මෙවැනි පසුබිමක් තුළ අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන නමුත් ඒ පිළිබඳ කිසිදු හැකියාවක්,උගත්කමක් නැති මාර්ග පිලිබඳ ගණනය කිරීම ගැන නොදන්නා අයට උත්තර දීමට සුදානම් නැති බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවහාරණය කරයි.

" මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩරය කාටවත් දීලා නැහැ. කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව එය ලබා දෙන්නේ "ටයිසේ" සමාගමට. මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටස ජපන් ණය වලින් ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කිරීමෙන් අනතුරුවයි ජපානයෙන් කොන්ත්‍රාත්කරුවන් තුන්දෙනෙක් නම් කළේ.ටෙන්ඩර් ක්‍රියාවලියේ මුල් භාගයේදී සහභාගී වුනේ එක් සමාගමක් විතරයි. ටයිසේ සමාගමට BID BOND තිබුණේ නැති නිසා එය අවලංගු වුණා. නැවත ටෙන්ඩරය කැදෙව්වා. එවිට ජපන් රජය ෆුජිටා සමාගමට ටෙන්ඩරයක් ඉදිරිපත් කරන්න කිව්වා. දෙවෙනි ලංසුවට ටයිසේ සහ ෆුජිටා සමාගම් ඉදිරිපත් වුණා. එතැනදී ටයිසේ සමාගමට වඩා ෆුජිටා සමාගම බිලියන 12ක් අඩුවෙන් ලන්සුව දුන්නේ. එම ලන්සුවේ එක් කොන්දේසියක් නම් 3 වෙනි කොටසට සමාන ව්‍යාපෘතියක් වසර 5ක් තුළ නිම කළ යුතු බව. ෆුජිටා සමාගම එය ඉටුකර තිබූ නමුත් එය මීට වසර පහකට පෙරයි. ඒ නිසා ෆුජිටා සමාගේ ලන්සුවත් ප්‍රතික්ෂේප වුණා. ආර්ථික කමිටුව සහ කැබිනට මණ්ඩලය එම ටෙන්ඩරය ටයිසේ සමාගමට දුන්නා. නමුත් තරඟ කරන ලද සමාගම් දෙකේ කැමැත්ත මත හා ජපානයේ කළ සාකච්ජා මත ටයිසේ සමගම කැමති නම් ෆුජිටා සමගම හවුල්කරුවෙකු ලෙස සම්බන්ධ කර ගත හැකි බව ජපන් රජය අපට දැන්වුවා. එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් ලැබුණා."

තත්ත්වය මෙසේ වන විට දළඳා වදින්නට යෑමට ඉදිකරන මෙම මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කිරීමට කටයුතු නොකරන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment