බරපතල වංචා සෙවීමේ ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ වන ලකුණු !

බරපතල වංචා සෙවීමේ ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ වන ලකුණු !
කෙසේ වෙතත් එම ඉල්ලීම අනුව යමින් කොමිසමේ නිල කාලය අවසන් වුවද මෙතෙක් සාමාන්‍ය පරිදි රාජකාරී සිදුවන බව සඳහන්. බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති පරීක්ෂණ  කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා ඒ පිළිබඳ මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.
 
මේ වන විටත් විමර්ශන කටයුතු අවසන් කර පැමිණිලි 17ක් සම්බන්ධයෙන් වු වාර්තා ජනාධිපතිවරයා  වෙත භාර දී අවසන්ය.
 
පසුගිය රජය සමයේ සිදුවු වංචා දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම පිහිටුවනු ලැබූ අතර ඊට පැමිණිලි  2000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති තිබේ.  එම පැමිණිලි අතුරින් බරපතල වංචා ලෙස ගැනෙන පැමිණිලි තෝරා විමර්ශනය කරනු ලබයි.
 
එම විමර්ශන අතුරින් තවත්  පැමිණිලි 17ක් සම්බන්ධයෙන් වු විමර්ශන අවසන් කර ඇති අතර එම විමර්ශනවල වාර්තා මේ වන විට සකස් වෙමින් ඇති බවද කොමිසම ප්‍රකාශ කරයි. එම වාර්තාවට අමතරව තවත් පැමිණිලි දෙකක විමර්ශන ආරම්භ කර ඇති අතර එය අවසන් කිරීම සඳහා තවත් මාස හයක කාලයක් ජනාධිපතිවරයාගෙන් කොමිසම ඉල්ලා තිබේ.
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment