අත්ලන්තික් සයුරේ තවත් සුළි කුණාටුවක්

අත්ලන්තික් සයුරේ තවත් සුළි කුණාටුවක්

දැනට 4 වන කාණ්ඩයට අයත් සුළිසුළඟක් වශයෙන් නම් කර ඇති එය, මේ සතිය තුළදී ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදය ඇතුළු ස්ථාන ගණනාවකට බලපෑම් ඇතිකරනු ඇතැයි සඳහන් වේ. පෝටෝ රිකෝ රාජ්‍යය දැනටමත් මේ හේතුවෙන් හදිසි තත්වය ප්‍රකාශයට පත් කර ඇත. හෙට දිනය වන විට ඉර්මා පෝටෝරිකෝව වෙත කඩා වදිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඇමරිකාවට අයත් වර්ජින් දූපත්, හිස්පැනියෝලා, බහමාස් යන දූපත් ද මෙයින් අවදානමට ලක් වී ඇති කලාප ලෙස සැලකේ.

ඇමරිකාවේ සියලු ජනපදයන් ද මේ වන විට පසුවන්නේ සීරුවෙනි. පසුගියදා ඇමරිකාවේ ටෙක්සාස්, ලුසියානා ආදී ජනපදවලට බලපෑ ජීවිත හානි වාර්තා කළ හාවි සුළිකුණාටුව මෙන්ම ඉර්මා ද කුණාටු සහ අධික වැසි, ගංවතුර තත්වයක් වාර්තා කරනු ඇතැයි බලාපොරොත්තු වේ. ෆ්ලොරිඩා ආණ්ඩුකාරවරයා පවසා තිබෙන්නේ ද සූදානම් ශරීරයෙන් පසුවීම සුදුසු බවයි. 

ඇමරිකාවේ ජාතික හරිකේන් මධ්‍යස්ථානයට අනුව ඉර්මා අයත් වන්නේ ‘වර්ඩි තුඩුවෙන් හටගන්නා සුළි කුණාටු’ වර්ගයට ය. එහි අර්ථය නම් මේ සුළිකුණාටුව ඈත පෙරදිග උත්ලාන්තික් සයුරෙන් හටගෙන වර්ඩි දූපත් ආශ්‍රිතව සිය වේගය වැඩිකරගෙන අනතුරුදායක මට්ටම වෙත ළඟාවන බවයි. මේ ලෝකය මුහුණ දුන් බිහිසුණුම හරිකේන් කුණාටු කිහිපයක්ම වර්ඩි තුඩුව ආශ්‍රිතව මීට පෙර හටගෙන තිබේ. හියුගෝ, ෆ්ලොයිඩ් සහ ඉවාන් සුළිසුළඟ මේ සඳහා උදාහරණ කිහිපයකි. 

-අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment