ඇමති ලක්ෂ්මන්ගෙන් හඳුන්නෙත්තිට අභියෝගයක්

LAKSHAMA_KIRI_01

‘‘දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියේ සුඛෝපභෝගී වාහනයක් කිසිඳු ඇමතිවරයෙකු භාවිතා කරන්නේ නැහැ. හැකිනම් තොරතුරු නම් ගම් සහිතව ඔප්පු කරන්න.’’යැයි උසස්අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ අද (09/04)දින ‘‘මගනැගුම මහමැඳුර’’පරිශ‍්‍රයේදී පැවති මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ගේ හමුවකට එක්වෙමිනි.

දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය පිලිබඳ පසුගියදා (08.30)පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කරුණු කිහිපයක් ප‍්‍රකාශකර තිබෙනවා.

එහිදී දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියට අයත් සුඛෝපභෝගී වාහනයක් අමාත්‍යවරයෙකු පරිහරණය කරන බව මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශකර තිබෙනවා. සාක්ෂි සහිතව එ පිලිබඳව ප‍්‍රකාශ නිකුත් කරන්නේ නම් එම තොරතුරු නම් ගම් සහිතව හෙලිදරව් කරන ලෙස මා සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීතුමාට අභියෝග කරනවා. එ අවස්ථාවේදී ඔහු මතුකල අනෙකුත් කරුණු පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය සභාපතිතුමා විසින් නිළප‍්‍රකාශයක් නිකුත් කරමින් එහි තාක්ෂණික අංශය පිළිබඳ කරුණු පැහැදිලිකර තිබෙනවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment