ගෑස්‌ මිල නැංවීමේ මලික්‌ගේ යෝජනාවට විරෝධය.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා විසින් ඊයේ (12 දා) කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ ගෑස්‌ මිල ඉහළ නැංවීමේ යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ කැබිනට්‌ ඇමැතිවරු වැඩි දෙනකු ප්‍රතික්‍ෂේප කර ඇත.

ගෑස්‌ මිල ඉහළ නැංවීම මේ මොහොතේ කිසි ලෙස නොකළ යුත්තක්‌ බව එහිදී කැබිනට්‌ ඇමැතිවරුන් බහුතරයකගේ මතය වූ බව කැබිනට්‌ ඇමැතිවරයෙක්‌ පැවසීය.

කැබිනට්‌ රැස්‌වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment