හිටපු ප්‍රවීනයන්ට ආදේශක තවමත් නෑ - රසල් ආනල්ඩ්

හිටපු ප්‍රවීනයන්ට ආදේශක තවමත් නෑ - රසල් ආනල්ඩ්
 
 
වර්තමානයේ සිටින තරණ ක්‍රීඩකයන් වෙත අනවශ්‍ය පීඩනයක් එල්ල වී ඇති බවත් අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් කණ්ඩාමට ලැබෙන ශක්තිය තරුණ හා අත්දැකීම් අවම ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තුවීමට සිදුව ඇති බවත් ඔහු පවසයි. මේ නිසා එය නවක ක්‍රීඩකයන්ගේ දක්ෂතා එලියට පැමිණීමට බාධාවක් වී ඇති බවයි ආනල්ඩ් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
 
පසුගිය කාලයේදී දිගින් දිගටම කණ්ඩායම පරාජයන් වැළඳ ගනිමින් සිටින බව පවසන රසල් ආනල්ඩ් පෙන්වා දෙන්නේ ඒ සඳහා ක්‍රීඩකයන් නිරන්තරයෙන් ආබාධවලට ලක්වීම ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.
 
ඉන්දියාවේ වත්මන් ක්‍රීඩා විලාශය දෙස බැලීමෙන් ක්‍රීඩා රටාව පිළිබඳව බොහෝ දේ උගත හැකි බව පවසන රසල් ආනල්ඩ්, හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි තරග දිනවන්නෙකු ලෙස කණ්ඩායමට දක්වන දක්ෂතාවය පැසසුමට ලක් කරයි. පසුගිය සංචාරයේදී ශ්‍රී ලංකාවට ජය ගතහැකිව තිබූ තරග දෙකක් අහිමි කිරීමට මහේන්ද්‍ර සිං දෝනි සමත් විය. ඒ ඉන්දියානු පසුපෙළ පිතිකරුවන් සමග එක්වී අවස්ථාවට උචිත අයුරින් ක්‍රීඩා කිරීම හේතුවෙනි.
 
මේ වනවිට තේරීම් කමිටුව ඉවත්වීමට තීරණය කර ඇති අතර ඉදිරියේදී පත්වන තේරීම් කමිටුවට නව පුහුණුකාරීත්වයක් සහ නව නායත්වයක් යටතේ ක්‍රිකට් ඉහළට ගෙනඒම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවකාශ සැලසී ඇති බව ද රසල්ඩ් ආනල්ඩ් පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment