පහන නිවිලා - මල්ලිකා එම්. බණ්ඩාර

පහන නිවිලා - මල්ලිකා එම්. බණ්ඩාර



කළලේ පිපී ඉන් නික්මෙන​ නියාවෙන
කළලේ පහස බිඳකුදු නොතවරාගෙන​
ගී පද ගොතන බිඟුදැල් පිරිවරාගෙන​
පියුමක් වෙලා පිපුණා හැම උදේකම​

තුරුපත් අතර හිඳ බිඳලන නිසොල්මන​
කන්කළු මියැසි ගී පද වැල් ඉහිල්ලෙන​
පෙංකෙළිනා කුරුළු කූජන සැහැල්ලෙන​
නුඹ සෙල් රුවක්විණි කිසිදා නොසෙල්ලෙන ​

ලන්දේ පිපෙන වනමල් පෙති නෙලාගෙන
ඇන්දේ නුඹෙ රුවයි ඉඳුසැව් විලාසෙන​ ​
සැන්දෑවතේ බැඳි දැහැනින් මුදාගෙන​
කැන්දන් ගියෙ කවුද නුඹෙ සිත හොරාගෙන​

තුන්පත් රටා ලා පන්නම් කළ හීනේ
පන්කොළ පැදුර​ හොරු අරගෙන මගෙ හේනේ
තිරකඩ නිවෙන්නට ඇති දැල්වුණ පානේ
​සන්තෝසෙන් හිඳින් නුඹ​ නවදැළි හේනේ

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment