නාගරික කොමසාරිස්ට එරෙහිව මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය අසළ විරෝධතාවක්

නාගරික කොමසාරිස්ට එරෙහිව මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය අසළ විරෝධතාවක්

 

මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය වෙත දිනපතා උදෑසන සහ සවස තම ශාරීරික සුවතා සහ ක්‍රීඩාවන් සදහා පැමිණෙන නගරය අවට ජනතාවට මෙතෙක් කල් එම ක්‍රීඩාංගනය ඇතුළත ඇති දොරටුව අසලටම තමන් පැමිණෙන සියලුම රථ වාහන ඇතුල් කර ආරක්ෂිතව ගාල් කරලීමට හැකියාව තිබුණමුත් පසුගිය දහසය වන දින සිට එම පහසුව අවහිර කරමින්, උයන්වත්ත ක්‍රීඩා භූමිය ප්‍රධාන දොරටුවද බැරියර් යොදා අවහිර කර, නව රථගාලක් නිර්මාණය කර අධික මුදලක් අයකරමින්  මාතර මහනගර සභාව විසින් අත්තනෝමතිකව ගෙනයන කටයුත්තක් නිසා එම ක්‍රීඩාංගනයට නිතිපතා පැමිණෙන තමන් හට විශාල අසාධාරණයක් හා අවහිරතාවයක් සිදුව ඇතැයි පවසමින් එහි  ක්‍රීඩා සහ ශාරිරික සුවතාවන් සදහා පැමිණෙන සාමාජිකයන් විසින් පිහිටුවා ගත් "සුව කවය" නම් සංවිධානය විසින් අද එම ක්‍රීඩාංගනය ඉදිරිපිට, ගාලු - මාතර ප්‍රධාන මාර්ගය අසල විරෝධතාවයක නියැලිණි.                                   

විරෝධතාකරුවන් පවසා සිටින්නේ මීට පෙරද මෙවන් වූ තීරණයක් නිසා තමන් නීතියේ පිහිට පැතූ විට මාතර අධිකරණය විසින් තමන් හට සාධාරණ ලෙස සලකා ලබා දී තිබෙන නඩු තීන්දුවද මේ වන විට මාතර නාගරික කොමසාරිස් වරයා විසින් කඩකර ඇතිබවත්, එම නිසා වහා ඔහුව අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියත්මක කරණ ලෙසත්ය. මේ වනවිට මෙහි පැමිණෙන ජනතාව නිතිපතා අධික මුදලක් ගෙවීමට අපොහොසත් බව පවසන විරෝධකරුවන් කියා සිටින්නේ එම නිසා මහපාර අවට තැන්තැන් වල රථ ගාල් කරන බවත් ,එම නිසා සොර සතුරු උවදුරු සිදුවන බවත්ය. රටේ ජනාධිපති තුමන් පවා ජනතාව නිරෝගී පුද්ගලයින් බවට පත්කරවීමට ගන්නා උත්සහය මෙම ක්‍රියාවන් නිසා අඩපණ වන බවත් ඔවුහු පවසති.                                      

මෙම විරෝධතාව සහ කොමසාරිස්වරයා වෙත එල්ල වී ඇති චෝදනා පිළිබඳව අප ඔහුව හමුවී විමසීමේදී නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා කියා සිටියේ, යම් පිරිසකගේ පුද්ගලික වුවමනාවක් මත මෙය සිදුකරන බවත්, නගර සභාව විසින් සංවර්ධනයට ගන්නා උත්සාහයට ඔවුන් බාධා කරන බවත්, තමන් මෙම ශාරිරික සුවතා සඳහා එන පිරිසට බාධා කර නොමැති බවත් දැනට වාහන ක්‍රීඩාංගනය තුළට ගෙනයාම පමණක් තහනම් කර ඇති බවත් දිනපතා එන පිරිසට වාර ප්‍රවේශපත්‍ර ක්‍රමයක් හදුන්වා දීමට හැකි බවත්ය.  විරෝධතාවෙහි නියැළෙන පිරිස් තමන් හමුවීමට නොපැමිණි බව ද නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.  

- මාතර ඉදුනිල් කැළුම් ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment