ඇමතිවරයා පවසන්නේ වත්මන් බදු ක්‍රමය ඉතා සංකීර්ණ එකක් බවයි. ආයෝජකයන්ට එය අර්ථකථනය කරගැනීම අපහසු බවත් බදු ක්‍රමය සරළ සහ පුළුල් කර අන්තර්ජාතික පිළිගැනීමට ලක්වූ වාණිජ්‍ය කටයුතුවලට අදාල ප්‍රතිපත්තීන්ද ඇතුළත් කර නව බදු පනත සකස් කර ඇති බව ද සමරවීර මහතා පෙන්වා දෙයි.
නව ක්‍රමවේදය යටතේ දේශීය ආයෝජකයන්ට කිසිදු පාර්ශ්වයකගේ සහාය නොමැතිව බදු සහන සඳහා ඉල්ලීම් කිරීමට අවකාශ සලසා දී ඇති බවයි ඇමතිවරයා පවසන්නේ. බදු සහන සහ බදු සහන කාලපරිච්ඡේද පිළිබඳව සියලු තොරතුරු ආයෝජකයන්ට ලබාගැනීම සඳහා පහසුකම් සලසන බව ද සමරවීර මහතා පවසයි.
නව බදු ක්‍රමය යටතේ වාර්ෂික ආදායම රුපියල් 600,000 ට වඩා අඩු සියලු දෙනා ආදායම් බදුවලින් නිදහස් කර ඇති අතර අඩු ආදායම් සහිත ආගමික ස්ථාන ද බද්දෙන් නිදහස් කර තිබේ.
නව පනත හරහා වක්‍ර බදු 80% සිට 60% දක්වා අඩුකර සෘජු බදු 20% සිට 40% දක්වා වැඩිකිරීම රජයේ මූලික අරමුණ වී තිබේ.
- ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment