මේ අනුව මෙය, ලෝකයෙන්, විශේෂයෙන්ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ගෙන් දිගින් දිගටම එල්ල වන දැඩි පීඩනය නොතකා ඔවුන් විසින් සිදුකළ 6 වැනි න්‍යෂ්ටික අත්හදා බැලීමයි.
මෙම හයිඩ්‍රජන් බෝම්බය අත්හදා බැලූ බව කියන ක්ෂේත්‍රය ආශ්‍රිතව රික්ටර් ඒකක 5.6 ක භූ කම්පන තරංගයක් නිරීක්ෂණය කළ හැකි වූ බව ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ කාර්යාලය සනාථ කර ඇත. ජපානය ද ඒ බව සනාථ කරයි.
දකුණු කොරියාව පවසන්නේ උතුරු කොරියාව පසුගිය වසරේ ජනවාරි මාසයේ සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම මෙන් මෙය 11 වතාවක් ප්‍රබල බවයි. තවද පසුගිය සැප්තැම්බරයේ අත්හදා බැලූ න්‍යෂ්ටික ආයුධය මෙන් සය ගුණයක් ප්‍රබල බව ද ඔවුන් කියා තිබේ.
උතුරු කොරියාවේ රාජ්‍ය ප්‍රකාශ කරන්නේ ආඥාදායක කිම් ජොන්-අන්ග්, උතුරු කොරියානු න්‍යෂ්ටික ආයුධ ආයතනයේදී මෙම බෝම්බය අත්හදා බලන අවස්ථාවට පෞද්ගලිකවම මැදිහත් වූ බවයි.
තවද මෙය ‘හෝම් මේඩ්’ හෙවත් ‘ගෙදර හැදූ’ එකක් බවත්” උතුරු කොරියාවට මීටත් වඩා ප්‍රබල න්‍යෂ්ටික ආයුධ නිපදවා ගත හැකි බවත්’ ඔවුන් කියා තිබේ.
- අමාලි ජයවීර
0 comments :
Post a Comment