රජයේ නිලධාරීන්ගේ මුද්‍රා හොරට හදලා!

රජයේ නිලධාරීන්ගේ මුද්‍රා හොරට හදලා!

 

ගව සොරකමක් සම්බන්ධයෙන් වු නඩුවකට ඉදිරිපත් නොවීම නිසා වරෙන්තු වී සිටි එම සැකකරු අත් අඩංගුවට ගෙන ඔහු සන්තකයේ තිබූ අත් බෑගය පරීක්ෂා කිරීමේදී මෙම සැකකටයුතු භාණ්ඩ හමුව ඇත.

හොරට සාදා තිබූ නිල රබර් මුද්‍රා අතර වැලිගම නගරාධිපති, නගර සභා ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන්ගේ, නීතිඥවරුන්ගේ ආදී වැදගත් නිලධාරීන්ට අයත් ඒවා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ඒ බව දැන ගැනීමත් සමග මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ රංජිත් රත්නායක මහතා ඇතුළු පිරිසක් ද අකුරැස්ස පොලීසිය වෙත පැමිණ තිබුණු අතර තමන්ගේ නම් වලින් සාදා ගන්නා ලද රබර් මුද්‍රා කුමන කටයුතු සදහා යොදා ගෙන ඇත්ද යන්න විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඔවුන් පොලීසියට නියෝග කළේය.

එම රබර් මුද්‍රා උපයෝගී කර ගෙන සැකකරු විසින් කූඨ ලෙස සකසන ලද ඉඩම් ඔප්පු,පිඹුරුපත්,වරිපනම් සහතික ආදී ලියකියවිලි කිහිපයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

අනුරාධපුරය, අවිස්සාවේල්ල, ගනේමුල්ල, බලංගොඩ, හොරණ, මාතර, අකුරැස්ස ආදී ප්‍රදේශ වල තාවකාලිකව නැවතී ඔහු මෙම ජාවාරම කර ගෙන ගොස් තිබෙන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී තිබෙන බව සඳහන්.

තවද එම සැකකරු භාවිතා කල ව්‍යාජ ජාතික හැදුනුම්පත් ද පොලීසිය සොයා ගෙන ඇත.

දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එෆ්.ප්‍රනාන්දු.ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ජී.එච්.මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ අකුරැස්ස සහකාර පොලිස් අධිකාරී එම්.ඩී.සේනානායක මහතාගේ මෙහෙයවීම මත අකුරැස්ස පොලීසියේ ස්ථානාධිපති අජිත් නිශ්ශංක, උපන් පොලිස් පරීක්ෂක රණතුංග,කොස්තාපල්වරුන් වන 34527 ජයවර්ධන,60896 ඉෂාක්,68104 සංජීව හා 4723 සුරංගී යන මහත්ම මහත්මීන් ඇතුළු කණ්ඩායමක් මේ පිලිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා

 

- වාර්ථාව මාතර ඉදුනිල් කැළුම් ජයවීර-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment