ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරය යළිත් ආරුමුගම් තොණ්ඩමන් ට. සභාපති ධුරය මුත්තුසිවලිංගම් ට.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරය යළිත් ආරුමුගම් තොණ්ඩමන් ට. සභාපති ධුරය මුත්තුසිවලිංගම් ට.

ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික මහා සම්මේලනය අද දිනයේ පැවැත්වුණේ කොටගල ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේදී ය. එහිදී පක්ෂයේ සභාපතිවරයා වශයෙන් නැවත වරක්, නුවරඑළිය දිස්ත්‍රික් පා්රලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා පත් කරනු ලැබීය. පක්ෂයේ නව ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය නායකවරයා වශයෙන් තෝරාපත් කරගත්තේ එස්. රාමචන්ද්‍රන් මහතා ය. මීට අමතරව පක්ෂයේ උප සභාපතිවරුන් පහළොස් දෙනෙක් ද ඡන්දයකින් තෝරාපත් කර ගනු ලැබීය.

ජාතික මහා සම්මේලනය අවසන් වීමෙන් අනතුරුව ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් ද පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ සභාපති මුත්තු සිවලිංගම් මහතා කියා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට තම පක්ෂය සූදානම් බවයි. 

- හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂ

THONDA1

THONDA2

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment