මොරටුව විශ්වවිද්‍යාලයට අලුතින් වෛද්‍ය පීඨයක්‌.


වෛද්‍ය පීඨයක්‌ ආරම්භ කිරීම සඳහා වයඹ රෝහල මධ්‍යම රජයට පවරාගන්නා බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.


වෛද්‍යවරුන්ගේ හිඟයක්‌ දැනට ඇතැයිද වෛද්‍ය හිඟයට පිළියම් වශයෙන් දැනට කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළත් කරන වෛද්‍ය සිසුන් සංඛ්‍යාව 130 ක්‌ වන අතර මෙම සංඛ්‍යාව 300 දක්‌වා වැඩි කිරීමට රජය තීරණය කර ඇතැයිද ඇමැතිවරයා කීය.

මොරටුව විශ්වවිද්‍යාලයේද අලුතින් වෛද්‍ය පීඨයක්‌ ආරම්භ කිරීමටද රජය පියවර ගන්නා අතර හෙදියන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු ඇතුළු අතුරු වෛද්‍ය සේවාවේ කාර්යය මණ්‌ඩලද වැඩියෙන් බඳවා ගැනීමට ඔවුන් පුහුණු කිරීමට පුහුණු මධ්‍යස්‌ථාන ආරම්භ කරන බවද ඇමැතිවරයා කීය.

නව නිපැයුම් කරන සරසවි සිසුන්ට මූල්‍ය ආධාර


පර්යේෂණ සහ නව නිපැයුම්වල යෙදෙන විශ්වවිද්‍යාල සිසුන් දිරිමත් කිරීමට ඔවුන්ට මූල්‍ය ආධාර ලබා දීමට රුපියල් මිලියන සියයක් වෙන් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය හරහා 2018 වසරේ සිට ක්‍රියාත්මක වෙන මෙම වැඩ සටහන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දායකත්වයෙන් ක්‍රියාත්මක වේ. ව්‍යාපෘථිය මගින් මුදල් ලබා ගන්නා සෑම සිසුවකුම විශ්වවිද්‍යාල ආචාර්යවරයකු හරහා අධීක්ෂණය කෙරේ.


නව නිපැයුම් සහ පර්යේෂණවල යෙදීමට උනන්දුවක් දක්වන සිසුන්ට මේ ව්‍යාපෘතිය සඳහා දැන් ඉල්ලුම් කළ හැක. මේ පිළිබඳ වැඩි විස්තර ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලබා ගත හැක.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment