ආණ්ඩුව හදන්නේ අපේ රට සංස්කෘතික කාන්තාරයක් කරන්න

කීර්ති-වැලිසරගේ

ආණ්ඩුව හදන්නේ අපේ රට සංස්කෘතික කාන්තාරයක් කරන්න යැයි සමාජවාදී කලා සංගමයේ මාධ්‍ය හමුවට එක්වෙමින් සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහත කියා සිටියා.

"අපි කලාකරුවන් ලෙස මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේ කලාවේ සාහිත්‍යයේ, සංස්කෘතියේ අභිවර්ධනයක්. නමුත් දැන් තිබුණට වඩා පහළ තැනකටයි පැමිණෙමින් තිබෙන්නේ. රටක ජනතාවගේ හෘද සාක්‍ෂියේ ප‍්‍රකාශනය තමයි කලාව කියන්නේ. රටක සාහිත්‍යය, නාට්‍ය, සංගීතය, යන කලා ක්‍ෂේත‍්‍රයන්ගේ වර්ධනය වීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මෙම ක්‍ෂේත‍්‍ර මුදල් උපයන ක්‍ෂේත‍්‍ර නෙවෙයි. නමුත් අද සියලූම ක්‍ෂේත‍්‍රයේ කලා නිර්මාණකරුවන් මේ බදු පනතට යටත් කරලා තිබෙනවා. මේ තත්වය යටතේ අපේ රටේ කලාව තවදුරටත් අභිවර්ධනය වෙයි කියලා බලාපොරොත්තුවක් අපිට නැහැ. එනිසා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා, පනත නිසා සිදුවන අවැඩ සලකා මේ පනත ඉවත් කරගන්න කියලා. "

"මේ පනත ජනතාවගේ අධ්‍යාත්මික ජීවිතයට මරු පහරක් එල්ල කිරීමක්. ලාභ නොලබා ඉතාමත් අසීරුවෙන් වෙනත් වෘත්තියක් කරන අතරේ නිර්මාණ කාර්යයේ නියැළෙන කලාකරුවන්ගේ් නිර්මාණ ජීවිතය තවදුරටත් දුෂ්කර කරන ඔවුන්ගේ නිර්මාණ ක්‍ෂේත‍්‍රයෙන් ඉවත් කරන කටයුත්තක් තමයි ආණ්ඩුව මේ බදු පනත මගින් සිදුකරන්නේ. එනිසා මේ ආණ්ඩුවෙන් රටේ ජනතාවගේ සංස්කෘතික ජීවිතයේ ප‍්‍රබෝධයක් බලාපොරොත්තු වෙනවා නම් එය බොරුවක් හැටියටයි අපි දකින්නේ. ඒ වෙනුවට අපේ රට සංස්කෘතික කාන්තාරයක් දක්වා ගමන් කරන බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. "

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment