වැසිකිළිත් නැති ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් දිනයට වියදම ලක්ෂ 80ක් !

වැසිකිළිත් නැති ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් දිනයට වියදම ලක්ෂ 80ක් !

 

ශ්‍රී ලංකා පොලීසිය ආරම්භ වූයේ 1866 සැප්තැම්බර් 03 වනදා ය. ඒ අනුව පොලිස් දිනය යෙදී තිබුණේ සැප්තැම්බර් 03 දිනටය. එහෙත් මෙවර පොලිස්පති පූජිත්ගේ දිනපොතට අනුව 03 වනදා වෙනත් වැඩ ඇති බැවින් පොලිස් දිනය සැප්තැම්බර් 07 වනදාට යොදාගෙන තිබේ. 

එසේම මීට වැය කිරීමට නියමිත මුදල රුපියල් ලක්ෂ 80 කි. පොලිස්පතිවරයා මෙසේ ලෝකෙට පරකාසේ වෙනුවෙන් ලක්ෂ 80ක් වැය කරන්නට සැරසෙන්නේ පොලිස් බැරැක්ක සඳහා වැසිකිළිත් නොමැති තත්වයක් යටතේ ය. පසුගිය දා කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ පොලිස් බැරැක්ක වෙත හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ විෂය භාර අමාත්‍ය සාගල රත්නායකට දැක ගැනීමට හැකිව තිබුණේ කිසිසේත් මිනිස් වාසයට නුසුදුසු නරකාදියක් බඳු බැරැක්කය. ඒවාට වැසිකිළි පහසුකම් නිසි පරිදි නොමැති බව දුටු අමාත්‍යවරයා පොලිස්පතිවරයාට සහ ඊට අදාල සියළුම ඉහළ පොලිස් නිලධාරීන්ට බැණ වැදී ඇත. එහෙත් ලොක්කන්ට පෙනෙන්නට පම්පෝරිය නැටවීම මිස පොලිස් පොඩ්ඩන් විඳින දුක පූජිත්ට අදාල නැත. 

සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට ලැබිය යුතු සපත්තු ලැබී නැත. මේස් ලැබී නැත. බැනියම් ලැබී නැත. එහෙත් ලක්ෂ 80 වියදමින් ශ්‍රී ලංකා පොලිස් දිනය සැමරීමට සූදානම් කෙරී ඇත. මෙසේ වියදම් කිරීමට බලාපොරොත්තු වන රුපියල් ලක්ෂ 80 සඳහා ඇස්තමේන්තුව දැනට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් ජගත් විජේවීර වෙත යවා ඇති අතර ඔහුත් පොලිස්පති පූජිත්ගේ ගජයකු නිසා එය ඉක්මනින් ම අනුමත කරනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment