කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් හැරීගේ ගුණ සැමරෙයි.


සමාජවාදී විප්ලවයකින් රටේ බලය වෙනස්‌ කිරීම සඳහා කටයුතු කළ ප්‍රබල කොමියුනිස්‌ට්‌ වාදියකු වන හැරී අභයගුණවර්ධන මහතාගේ ජන්ම ශත සංවත්සරය පෙරේදා (24දා) එන්. එම්. පෙරේරා මධ්‍යස්‌ථානයේදී සමරනු ලැබීය.

1943 -1950 කාලයේදී මෙරට කම්කරු පන්තියේ විමුක්‌තිය උදෙසා "ගස්‌නාව" සටන දියත් කළ හෙතෙම කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ හිටපු ප්‍රධාන ලේකම්වරයාය.

ඒ මහතාගේ ශත සංවත්සර උළෙලේදී අතුරලියේ රතන හිමියෝද ඩිව් ගුණසේකර, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, හේ. ශ්‍රියානන්ද, එස්‌. ජී. පුංචිහේවා, ආචාර්ය සුනිල් විඡේසිරිවර්ධන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහ හැරී අභයගුණවර්ධන මහතාගේ පුත් ජනාධිපති කාර්යාලයේ "සෙමා" සභාපති අසෝක අභයගුණවර්ධන යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment