ආරක්ෂක ලොක්කෙක් ළඟදීම ගෙදර.


ගිය අවුරුද්දෙ ලොකු යුද්ධයක් කරලා තමන්ගෙ දෙපාර්තමේන්තුවේ ඉහළම පුටුවට නැගගත්ත මහත්තයකුට ආණ්ඩුවෙ ලොකු මහත්තුරු දෙන්නම යන්න කියලලු...

ජනතාවගේ ආරස්සාවට වග කියන මේ දෙපාර්තමේන්තුවේ සිද්ධවෙන දේවල් ගැන ලොකු මහත්තුරුන්ට සතුටක් නැති නිසාලු යන්න කිව්වෙ. මේ යෝජනාව කළාම උන්නැහේ ඉදිරි කාලෙ දඹුලු පළාත ඡන්ද කෙරැවාවකට වුණත් ලෑස්තියි කිව්වලු... ඒත් ඉහළ අනුමැතිය ලැබිල නැහැ...

ඊළඟට තානාපති රස්සාවක් ගැන යෝජනා කළාලු...

එතෙන්දි ඉල්ලුවෙ දැනට තනතුරු පුරප්පාඩුවක් තියන ලෝකෙ සුපිරිම රටලු... ඒත් ඉතින් ඒකටත් අවසර ලැබුණෙ නැහැ කියලයි ආරංචි... අපට දැනගන්න තියන විදිහට උන්නැහේට මැදපෙරදිග පැත්තෙ රටක්ලු ලැබෙන්න යන්නෙ. කොහොමහරි පසුගිය දා අවසන් වෙච්ච දෙපාර්තමේන්තුවේ සමරු දිනෙන් පස්සෙ උන්නැහේ යන්නලු ලෑස්තිය...

ඊට පස්සෙ මෙතනට වැඩි සද්ද බද්ද නැති රාජකාරියට කැපවුණ නිහඬ චරිතයක් ගේන්නලු යන්නෙ...

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment