ඉන්ධන පානිය ජලයට මුසු වෙයි…. වතුකමිකරුවන් ඉන්ධන පිරවුමි හල වටලයි…. Ceylon News 24x7 12:28:00 PM News Edit හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ රොසැල්ල කුයිල්වත්ත ප‍්‍රදේශයේ පිහිටා ඇති පෞද්ගලික ඉන්ධන පිරවුමි හලකින් ඉන්ධන නිකුත් කිරිමේදි ඉන් ඉන්ධන තමන් පරිහරනය කරන පානිය ජලයට මුසුවන බව පවසමින් වතුකමිකරුවන් පිරිසක් අද (03.09) දහවල් එම ඉන්ධන පිරවුමි හල වටලනු ලැබුවා. තමන් දෛනික කටයුතු වලට සහ පානිය ජලය වශයෙන් ලබා ගන්නා ජලයට ඉන්ධන මුසුවිම නිසා තමන් ගැටලූ රැසකට මැදිහත් වි ඇති බවයි කුයිල්වත්ත වතුයායේ වතුකමිකරුවන් පවසන්නේ. තමන් පරිහරනය කරන පානිය ජලය බෝතල් වලට රැගෙන ඉන්ධන පිරවුමි හල ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පලකරනු ලැබුවා. එම ඉන්ධන පිරවුමි හලේ නිකුත් කරන ඉන්ධන ස්වල්පයක් බිමට පතිත වන බවත් එම ඉන්ධන පවතින වර්ෂාවත් සමගම ඉන්ධන පිරවුමි හල අසලින් මහවැලි ගගේ ප‍්‍රධාන අතුශාඛාවක් වන හැටන් ඔයට ගලා බසින බවයි එම ඉන්ධන පිරවුමි හලේ සේවකයන්ද පවසන්නේ. එම ඉන්ධන පිරවුමිහල අසලින් ගලා බසින ඇළ මාර්ගයකට ජලනල යොදා ගනිමින් එම වතුයායේ වතුකමිකරුවන් පානිය ජලය ලබා ගන්නා අතර එම ඉන්ධන පිරවුමි හලේ සහ ඊට යාබදව තිබෙන සංචාරයක හෝටලයක මළ අපද්‍රව්‍යද එම ඇළ මාර්ගයට ජල නල ඔස්සේ මුදාහැර තිබෙනවා. විරෝධතා කරුවන් ඉදිරියට පැමිණි වටවල පොලිසියේ නිළධාරින් මේ පිළිබදව සොයා බැලිෙමිදි වතුකමිකරුවන්ගේ මෙම ඉල්ලිම සාදාරන බවට තහවුරු විමෙන් පසු මේ පිළිබදව වටවල පොලිසියේ පැමිණීළි කරන ලෙස කරන ලද ඉල්ලිමක් මත වතුකමිකරුවන් පිරිසක් වටවල පොලිසියට පැමිණීලිකර තිබෙනවා. ෙමි සමිබන්ධයෙන් අප එම ඉන්ධන හලේ කළමනාකරු වි.කි‍්‍රෂාන් මහතාගෙන් අප කළ විමසුමකට ඔහු පවසා සිටියේ මෙම ඉන්ධන කාන්දුවට පරිසර විසදුමක් ලබා දෙන ලෙස තම ඉන්ධන පිරවුමිහලේ අයිතිකරුට දැනුමි දිමක් කර ඇති බවයි. ඒ අනුව ඉදිරියේදි වතුකමිකරුවන්ට පිරිසිදු පානිය ජලය ලබා දිමේ වැඩ පිළිවෙලක් දියත් කරන බවද එම ඉන්ධන පිරවුමිහලේ කළමණකාරවරයා වැඩි දුරටත් කියා සිටියා. හැටන් රංජිත් රාජපක්ෂ Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment